විවාහය යනු කුමක්ද?

විවාහයක් කියලා කියන්නේ විශ්වීය සමාජ සංස්ථා අතරින් ප්‍රධානතම එකක්. මිනිසාගේ ලිංගික ජීවිතය  පාලනය කිරීමටත් එය විධිමත්ව සංස්ථාපනය කිරීමටත් විවාහය නැමති සංස්ථාව ගොඩනැගිල තියනවා. සමාජ සංස්කෘතික, ආගමික හා ආර්ථික පදනමක් මත විවාහය ක්‍රියාත්මක වෙනවා.

ෆෙඩ්‍රික් එංගල්ස් පෙන්වාදෙන ආකාරයට ප්‍රධාන වශයෙන් මානවයාගේ වර්ධනය අනුව විවාහ ක්‍රම 3ක් පවතිනවා.

  • වනචාරී මිනිසාට සමූහ විවාහ 
  • වැදි මිනිසාට ලිහිල් විවාහ
  • ශිෂ්ඨ මිනිසාට ඒක පංති විවාහ 
විවාහය සංස්කෘතියට අදාල චාරිත්‍ර වාරිත්‍ර වලට හා නීතිමය රාමුවකට යටත් වෙනවා, සරල සමාජවල චාරිත්‍රවාරිත්‍ර වලට මුල්තැනක් ලබාදෙන අතර සංකීර්ණ සමාජවල නීතිමය ගිවිසුමට මුල්තැනක් ලබාදෙනවා. 

විවාහය සම්බන්ධව එඩ්මන් ලීච් පෙන්වාදෙන ආකාරයට විවාහයක් තුළ අඩංගු ලක්ශණ කිහිපයක් තියනවා.

  • ගැහැණියගේ දරුවන්ට නෛතික පියකු ලැබීම 
  • පුරුෂයාගේ දරුවන්ට නෛතික මවක ලැබීම 
  • ස්ත්‍රියගේ ලිංගික ඒකාධිකාරය පුරුෂයාට ලැබීම 
  • පුරුෂයාගේ ලිංගික ඒකාධිකාරය ස්ත්‍රියට ලැබීම 
  • ස්ත්‍රියගේ ගෘහස්ථ හා අනෙකුත් ශ්‍රම සේවාවන්හි  ඒකාධිකාරය පුරුෂයාට ලැබීම 
  • පුරුෂයාගේ ගෘහස්ථ හා අනෙකුත් ශ්‍රම සේවාවන්හි ඒකාධ්කාරය ස්ත්‍රියට ලැබීම 
  • ස්ත්‍රියට අයත් දේපල පුරුෂයාට ලැබීම 
  • පුරුෂයාට අයත් දේපල ස්ත්‍රියට ලැබීම 
  • විවාහයෙන් උපදින දරුවන් වෙනුවෙන් සාමූහික දේපළක් ගොඩනැගීම 
  • පුරුෂයාගේ හා ස්ත්‍රියගේ ඥාතීන් අතර ඥාතීත්ව බණ්ධනයක් ගොඩනැගීම 
මෙම ඉදිරිපත් කරන ලද කිසිදු නිර්වචනයක් මගින් විවාහය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් ලබාදීමට නොහැකි වී ඇත. එම නිසා මෙම සියලුම කාරණාවන් සලකා බැලූවිට අපගේ විග්‍රහය වන්නේ,


විවාහය යනු සමාජය විසින් පිළිගන්නා ආකාරයට චාරිත්‍රානුකූලව හෝ නීත්‍යානුකූලව ලිංගික සබඳතාවන් පැවැත්වීම සඳහා දෙදෙනෙකු  එකතු වීමකි,විවාහය යනු ඉහත සදහන් කරනලද කාරණාවන් සියල්ල දරා සිටින ආධාරකය වෙයි.




සැකසුම- රසිදු ගමගේ 



Join with us:
Whatsapp -  +94778889579




Comments