විවාහය යනු කුමක්ද?
විවාහයක් කියලා කියන්නේ විශ්වීය සමාජ සංස්ථා අතරින් ප්‍රධානතම එකක්. මිනිසාගේ ලිංගික ජීවිතය පාලනය කිරීමටත් එය විධිමත්ව සංස්ථාපනය කිරීමටත් විවාහය නැමති සංස්ථාව ගොඩනැගිල තියනවා. සමාජ සංස්කෘතික, ආගමික හා ආර්ථික පදනමක් මත විවාහය ක්‍රියාත්මක වෙනවා. ෆෙඩ්‍රික් එංගල්ස් පෙන්වාදෙන ආකාරයට ප්‍රධාන වශයෙන් මානවයාගේ වර්ධනය අනුව විවාහ ක්‍රම 3ක් පවතිනවා. වනචාරී මිනිසාට සමූහ විවාහ වැදි මිනිසාට ලිහිල් විවාහ ශිෂ්ඨ මිනිසාට ඒක පංති විවාහ විවාහය සංස්කෘතියට අදාල චාරිත්‍ර වාරිත්‍ර වලට හා නීතිමය රාමුවකට යටත් වෙනවා, සරල සමාජවල චාරිත්‍රවාරිත් ර වලට මුල්තැනක් ලබාදෙන අතර සංකීර්ණ සමාජවල නීතිමය ගිවිසුමට මුල්තැනක් ලබාදෙනවා. විවාහය සම්බන්ධව එඩ්මන් ලීච් පෙන්වාදෙන ආකාරයට විවාහයක් තුළ අඩංගු ලක්ශණ කිහිපයක් තියනවා. ගැහැණියගේ දරුවන්ට නෛතික පියකු ලැබීම පුරුෂයාගේ දරුවන්ට නෛතික මවක ලැබීම ස්ත්‍රියගේ ලිංගික ඒකාධිකාරය පුරුෂයාට ලැබීම පුරුෂයාගේ ලිංගික ඒකාධිකාරය ස්ත්‍රියට ලැබීම ස්ත්‍රියගේ ගෘහස්ථ හා අනෙකුත් ශ්‍රම සේවාවන්හි ඒකාධිකාරය පුරුෂයාට ලැබීම පුරුෂයාගේ ගෘහස්ථ හා අනෙකුත...